වේගවත් දියුණුවක් ගන්න රාජ්‍ය ව්‍යාපාර 80ක් පෞද්ගලික අංශ ව්‍යාපාර මෙන් කාර්යක්ෂම කරන්න රජය තීරණය කරයි – පනත 2027 දී එයි

වේග­වත් ආර්ථික දියු­ණු­වක් අපේ­ක්ෂා­වෙන් රාජ්‍ය අංශයේ ව්‍යාපාර 80කට අධික ප්‍රමා­ණ­යක් පෞද්ග­ලික අංශයේ ව්‍යාපාර මෙන් කාර්ය­ක්ෂම කිරී­මට රජය තීර­ණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය රාජ්‍ය-පෞද්ග­ලික හවු­ල්කා­රීත්ව (PPP) ව්‍යාපාර වැඩි­දි­යුණු කිරී­ම­ටත්, රාජ්‍ය ව්‍යාපාර කළ­ම­නා­ක­රණ, රේගු සහ කම්කරු නීති ප්‍රති­සං­ස්ක­රණ ඇතුළු ප්‍රධාන පනත් කෙටු­ම්පත් හත­රම ලබන වසරේ (2027) පෙබ­ර­වාරි වන විට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක පව­සයි.

ඔහු මේ බව සඳ­හන් කළේ පසු­ගි­යදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩ­ලය සංවි­ධා­න කළ, කොළඹ පැවති ආර්ථික හා ආයෝ­ජන සමු­ළුව අම­ත­මිනි.

ඒ අනුව රාජ්‍ය අංශය පෞද්ග­ලික අංශය සමග ඒකා­බ­ද්ධව ව්‍යාපාර කිරී­මට හැකි වන නව රාජ්‍ය ව්‍යාපාර කළ­ම­නා­ක­රණ පනත් කෙටු­ම්පත ලබන සතියේ කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

මේ නව පනත මඟින් රාජ්‍ය ව්‍යාපාර සඳහා දේශ­පා­ලන මැදි­හත් වීම් අවම කර වෘත්තීය කළ­ම­නා­ක­ර­ණ­යක් හඳුන්වා දී, රජ­යට වන මූල්‍ය බර අවම කිරීම අර­මු­ණයි.
වසර 1869 සිට ක්‍රියා­ත්මක වන පැරණි රේගු ආඥා පනත නවී­ක­ර­ණ­යෙන් අප­න­යන හා ආන­යන ක්‍රියා­ව­ලිය වේග­වත් වන අතර, විසිරී ඇති කම්කරු නීති ඒකා­බද්ධ කිරී­මෙන් රැකියා වෙළෙ­ඳ­පොළ නවී­ක­ර­ණය වේ.

PPP පනත මඟින් යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට පෞද්ග­ලික ආයෝ­ජන ආක­ර්ෂ­ණය කිරී­මට අපේක්ෂා කෙරේ. මේ ප්‍රති­සං­ස්ක­රණ අන්ත­ර්ජා­තික මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හන යටතේ සිදු කරන ප්‍රධාන ව්‍යූහා­ත්මක වෙන­ස්ක­ම්වල
කොට­සකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *