පාරිභෝගිකයින්ට ගෑස් සැපයීමට බැරි වූ නිසා ලාෆ් ගෑස් සමාගමට පාරිභෝගික අධිකාරියෙන් නඩු පවරයි

පාරි­භෝ­ගි­ක­යන්ට අඛ­ණ්ඩව ගෑස් සැප­යී­මට අපො­හො­සත් වීම සම්බ­න්ධ­යෙන් ලාෆ් ගෑස් සමා­ග­මට (LAUGFS Gas PLC) එරෙ­හිව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ඊයේ (29) නඩු පව­රනු ලැබීය. කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න මහ­ත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අව­ස්ථා­වේදී, අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් කරුණු ඉදි­රි­පත් කිරීම සඳහා ලබන 11 වැනිදා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස දන්ව­මින් ලාෆ් ගෑස් සමා­ග­මට සිතාසි නිකුත් කිරී­මට අධි­ක­ර­ණය නියෝග කළේය. පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කාරි පනතේ 86 වැනි විධා­නය උල්ලං­ඝ­නය කර­මින් පාරි­භෝ­ගි­ක­යන්ට අඛ­ණ්ඩව ගෑස් සැප­යී­මට අපො­හො­සත් වීම සම්බ­න්ධ­යෙන් මෙම නඩු පැව­රීම කර තිබේ.

ඒ අනුව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය අදාළ පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති අතර, නඩුව ලබන 11 වැනිදා යළි කැඳ­වී­මට නිය­මි­තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *