පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී ඊයේ (29) නඩු පවරනු ලැබීය. කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලාෆ් ගෑස් සමාගමට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම කර තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට නියමිතය.