මහින්ද ළඟ ඉද්දි පට­න්ගත් ව්‍යාපා­ර­යට සමා­ගම් 17ක් තිබුණා,සම­හර ඒවගේ නම් මත­කත් නෑ – සජින් වාස් සාක්ෂි දෙමින් කියයි

මන්නා­රම තෙල් නිධි සෙවීමේ පෞද්ග­ලික අංශ ව්‍යාපෘ­තියේ සේවය කළ විදේ­ශීය ඉංජි­නේ­රු­වන් හෙලි­කො­ප්ටර් මඟින් ප්‍රවා­හ­නය කිරී­මට ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ නිය­මු­වන් යෙදවූ බව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සම්බ­න්ධී­කා­රක හා විදේශ අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණ­ව­ර්ධන කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ ඊයේ (04) ප්‍රකාශ කළේය.

විදේ­ශීය සමා­ග­මක් හා එක්ව තමාට අයත් පෞද්ග­ලික සමා­ග­මක් මෙම කැණීම් ව්‍යාපෘ­තිය පව­ත්වා­ගෙන ගිය බව විත්ති­කරු මහා­ධි­ක­රණ විනි­සුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදි­රියේ සාක්ෂි දෙමින් වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. එම ව්‍යාපෘ­තියේ නිරත ඉංජි­නේ­රු­වන් ගොඩ­බිම සිට මුහුදේ පිහිටි කැණීම් ස්ථානය වෙත රැගෙන යෑමට මෙන්ම, නැවත ගොඩ­බි­මට ප්‍රවා­හ­නය කිරී­මට මෙලෙස ගුවන් හමුදා නිය­මු­වන් යොදවා තිබූ බව හිටපු මන්ත්‍රී­ව­රයා පවසා සිටි­යේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කළ සමයේ වසර තුනක් තුළදී උප­යා­ගත් ආකා­රය හෙළි­ද­රවු කළ නොහැකි රුපි­යල් කෝටි 34කට අධික මුද­ලක් සමා­ගම් ගිණු­ම්වල තැන්පත් කර­මින් මුදල් විශු­ද්ධි­ක­ර­ණයේ යෙදීම ඇතුළු චෝදනා යටතේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණ­ව­ර්ධ­නට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් මෙම නඩුව පවරා තිබේ.

දීර්ඝ කාල­යක් තිස්සේ පැවති පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ගය අව­සන් වීමෙන් පසු ඊයේ (04) විත්තියේ සාක්ෂි විම­සීම ආරම්භ විය. එහිදී චුදිත විත්තියේ නීතිඥ ජීවන්ත ජය­ති­ලක මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ සාක්ෂි දුන්නේය.

1992 වසරේ සිට වසර 8කට ආසන්න කාල­යක් තමා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ කාර්ය මණ්ඩ­ලයේ සේවය කළ බවත් ඉන්පසු 2001 වසරේ සිට වසර 15ක් පමණ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සම්බ­න්ධී­කා­ර­ක­ව­රයා ලෙස සේවය කළ බවත් කියා සිටි­යේය. මෙම කාල­යේදී කොස්මෝස් සමූහ ව්‍යාපා­රය නමින් ව්‍යාපා­ර­යක් ආරම්භ කළ බවත් එයට සමා­ගම් 17ක් පමණ අයත් බවත් ඒවා සිය­ල්ලේම නම් තමන්ට නැති බවත් විත්ති­කරු පැව­සීය. මෙම සමා­ගම් සමූ­හය ආර­ක්ෂක සේවා, සන්නි­වේ­දන, ගෘහස්ථ හෙද සේවා, පුව­ත්පත් සහ ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර රැස­කට අයත් බව කියා සිටි­යේය.

මන්නා­රම් මුහුදු තීරයේ තෙල් සහ ගෑස් ගවේ­ෂ­ණයේ නිරත වූ විදේ­ශීය ඉංජි­නේ­රු­වන් ප්‍රවා­හ­නය කිරීම සඳහා කොස්මෝස් ඒවි­යේ­ෂන් සමා­ගම හරහා ‘ග්ලෝබල් වෙක්ටර්’ ජාත්‍ය­න්තර සමා­ගම සමඟ එක්ව ‘බෙල් 412’ වර්ගයේ හෙලි­කො­ප්ට­ර­යක් කුලී සින්න­ක්කර පද­නම මත ලබා ගත් බව පැව­සීය. වාණි­ජ­මය කැණීම් කට­යුතු සඳහා වූ රක්ෂණ කොන්දේසි හේතු­වෙන් ගුවන් හමුදා හෙලි­කො­ප්ටර් භාවිත කිරී­මට නොහැකි බව පැව­සීය. ඒ නිසා පෞද්ග­ලික හෙලි­කො­ප්ට­ර­යක් ගෙන විශේෂ අව­ස­ර­යක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ නිය­මු­වන් ප්‍රවා­හන කට­යුතු සඳහා යොදවා ගත් බව ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට පෙර තමාට අයත් සියලු සමා­ග­ම්වල කොටස් බිරි­යට පවරා අධ්‍යක්ෂ ධුර­ව­ලින් ඉවත් කර සමා­ගම් අතර මුදල් ප්‍රවාහ කළ­ම­නා­ක­ර­ණය වෙනු­වෙන් උප­දේ­ශ­ක­යකු ලෙස පම­ණක් කට­යුතු කළ බව කියා සිටි­යේය.

එක් සමා­ග­මක අති­රික්ත මුදල් අනෙක් සමා­ග­ම්ව­ලට චෙක්පත් හෝ මුදල් ලෙස ලබා දෙමින් අභ්‍ය­න්තර මුදල් මාරු කළ බව විත්ති­කරු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය. එහිදී වෙනම රිසි­ට්පත් නිකුත් කිරී­මක් නොකළ බවත් සියලු ගනු­දෙනු ගිණුම් පොත්වල සට­හන් වූ බවත් සඳ­හන් කළේය.

පැමි­ණිල්ල, සමා­ගමේ සේව­ක­යකු මඟින් මෙම මුදල් හුව­මාරු සනාථ කිරී­මට රිසි­ට්පත් ඉදි­රි­පත් කළත් තමා ඒවා මුල්ව­රට උසා­වි­යේදී දුටු බවට සාක්ෂි දුන්නේය.

තමාට අයත්ව තිබූ සමා­ගමේ උප­දේ­ශක සේවා වෙනු­වෙන් වැටුප් නොලැබූ බවත් ඒ වෙනු­වට විටින් විට ණය ගත් බවත් සාක්ෂි­කරු පැව­සීය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස 2010 සිට 2015 දක්වා සියලු වත්කම් හා බැර­කම් ප්‍රකාශ ඉදි­රි­පත් කළ බවත්, එහි ඇමු­ණුම් මඟින් සිය බිරි­යගේ වත්කම් සහ මෙම සමා­ගම් පිළි­බඳ විස්තර ඇතු­ළත් කළ බවත් පැව­සීය.

මෙම කාලය තුළ එක් වස­රක පම­ණක් වත්කම් වග­කීම් වාර්තා පාර්ලි­මේ­න්තු­වට ලබා­දී­මට නොහැකි වූ බව සාක්ෂි­කරු පැවසූ අතර එයට හේතුව අධි­ක­ර­ණය විමසා සිටි අව­ස්ථාවේ එම වසරේ දින 182ක් පමණ විදේ­ශ­ග­තව සිටි නිසා වත්කම් වාර්තා ඉදි­රි­පත් කළ නොහැකි වූ බව පැව­සීය.

2011 මාර්තු 31 වැනිදා සහ 2014 දෙසැ­ම්බර් 23 වැනිදා අතර කාල සීමාව තුළදී රුපි­යල් 339,581,965.80ක මුද­ලක් අදාළ සමා­ගම නමින් ඇති බැංකු ගිණු­ම්වල තැන්පත් කිරීම හෝ තැන්පත් කර­වීම මඟින් සෘජුව හෝ වක්‍රව මුදල් විශු­ද්ධි­ක­ර­ණය කිරීමේ චෝද­නාව යටතේ චුදි­තට එරෙ­හිව නඩු පවරා තිබේ.

එකී මුදල් නීති­වි­රෝධි ක්‍රියා­කා­ර­ක­ම­කින් සෘජු­වම හෝ වක්‍රව ලත් මුද­ලක් බව දැනු­වත්ව හෝ දැන­ගැ­නී­මට සාධා­රණ හේතු තිබි­යදී ක්‍රියා කිරීම මඟින් 2011 අංක 40 දරන පන­තින් සංශෝ­ධිත 2006 අංක 5 දරන මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනතේ 35 වැනි වග­න්තිය සහ 4 වැනි වග­න්තිය සමඟ කිය­විය යුතු 3(1) වැනි වග­න්තිය යටතේ දඬු­වම් ලැබිය යුතු වර­දක් කර ඇති බවට විත්ති­ක­රුට එරෙ­හිව චෝදනා ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *