ජයග්‍රහණයට තිබිය යුත්තේ එක නමයි,ඒ ශ්‍රි ලංකාවයි – ජනපති අනුර කියයි

“අද අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලටත්, සියලු පාර්ශ්වයන්ටත්, ලෝකයේ කොතැනක හෝ ජීවත් වන සෑම ශ්‍රී ලාංකිකයකුටත් විවෘත හදවතින් ආරාධනා කරනවා. එන්න, මේ රටේ අනාගතය ගොඩනැඟීමේ කොටස්කරුවන් වෙමු!

අපි හැමෝම එකම විදිහට හිතන්න අවශ්‍ය නැහැ. එකම මතයක් දරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපේ වෙනස්කම්වලට වඩා අපේ රට විශාලයි. අපේ තනි තනි අරමුණුවලට වඩා අපේ දරුවන්ගේ අනාගතය වටිනවා. ඒ නිසා අපේ දැනුම, අපේ හැකියාවන්, අපේ ශක්තිය එකතු කරමු. අපට එකඟ විය හැකි තැනින් පටන් ගනිමු. එකිනෙකාට වඩා ඉදිරියෙන් යන්න නොවෙයි, අප මාතෘභූමිය අපි හැමෝටම වඩා ඉදිරියට ගෙන යන්න එකතු වෙමු!

අවසානේ අපේ දරුවන්ට අපි ඉතිරි කර යා යුත්තේ අපි එකිනෙකාට වඩා කොතරම් ඉහළින් සිටියාද කියන කතාව නොවෙයි. අපි සියලුමදෙනා එකතු වී මේ රට කොතරම් ඉහළට ඔසවා තැබුවාද කියන කතාවයි.

ඒ කතාවේ ජයග්‍රහණය එක් පුද්ගලයකුට අයිති නොවේ. එක් පක්ෂයකට අයිති නොවේ. එක් පරම්පරාවකට පමණක් අයිති නොවේ.

ඒ ජයග්‍රහණය මේ රටේ සෑම පුරවැසියකුටම අයිති වේ.

ඒ ජයග්‍රහණයට තිබිය යුත්තේ එකම නමයි – ඒ ශ්‍රී ලංකාවයි!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *