පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපැයීමේදී ලබන පාඩුව කර්මාන්තශාලා සඳහා ගෑස් සැපයීමේදී යම් ප්රමාණයකින් අයකර ගැනීම සිදුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවැසීය.
ලිට්රෝ සමාගම ද පාරිභෝගිකයන්ට ගෑස් සැපැයීමේදී යම් පාඩුවක් ලැබුවත් කර්මාන්ත ශාලා සඳහා ගෑස් සැපැයීමේදී එම පාඩුව යම් තරමකින් අයකර ගැනීමට ගෑස් සමාගම කටයුතු කරන බවද ඒ මහතා කීය.
මේ වනවිට ලිට්රෝ සමාගම නව ගෑස් සිලින්ඩර් ප්රමාණයක් ආනයනය කර තිබෙන බවත් ඒවා ඉදිරි දිනවලදී මහජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ගුණවර්ධන මහතා තවදුරටත් කීය.