වරායෙන් බාන ගානට ගෑස් මිල වැඩි නොකර එම පාඩුව කර්මාන්තශාලා වෙත ලබා දෙන ගෑස් මගින් අය කරගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කරයි

පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපැයීමේදී ලබන පාඩුව කර්මාන්තශාලා සඳහා ගෑස් සැපයීමේදී යම් ප්‍රමාණයකින් අයකර ගැනීම සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවැසීය.

ලිට්‍රෝ සමාගම ද පාරිභෝගිකයන්ට ගෑස් සැපැයීමේදී යම් පාඩුවක් ලැබුවත් කර්මාන්ත ශාලා සඳහා ගෑස් සැපැයීමේදී එම පාඩුව යම් තරමකින් අයකර ගැනීමට ගෑස් සමාගම කටයුතු කරන බවද ඒ මහතා කීය.

මේ වනවිට ලිට්‍රෝ සමාගම නව ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ආනයනය කර තිබෙන බවත් ඒවා ඉදිරි දිනවලදී මහජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ගුණවර්ධන මහතා තවදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *