වසර 2,300ක ඉතිහාසයක් පවතින බෞද්ධ චීවරයට හිමි ගෞරවය යළි ස්ථාපිත කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව එම පක්ෂයේ සාමාජික නීතිඥ සංජීව විරවික්රම මහතා පවසනවා.
ඒ අනුව, පක්ෂයේ පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ඊට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට ගෞරව දැක්වීමෙන් අනතුරුව කටයුතු කිරීම අනිවාර්ය කරන බවද ඔහු සඳහන් කළා.
ඊයේ (16) පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්රික් බල මණ්ඩල සම්මන්ත්රණයක් අමතමින් ඔහු මේ බව ප්රකාශ කළා.
එහිදී අදහස් දක්වමින් නීතිඥ සංජීව විරවික්රම මහතා සඳහන් කළේ, වසර 2,300ක බෞද්ධ ඉතිහාසයක් තුළ බුද්ධ චීවරයට හිමිව තිබූ ගෞරවය වර්තමානයේදී අභියෝගයට ලක්ව ඇති බවයි.
නිරාගමික ක්රමවේදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් බෞද්ධ චීවරයට පහර එල්ල කරන බවටද ඔහු චෝදනා කළා.
මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු මෙරට බුද්ධ ශාසනයට සහ බෞද්ධ චීවරයට හිමි වූ ගෞරවය ඉදිරි වසර දහස් ගණනක් පුරා ආරක්ෂා කරමින් යළිත් ප්රතිස්ථාපනය කිරීමට තම පක්ෂය කටයුතු කරන බවද ඔහු අවධාරණය කළා.
එමෙන්ම, වත්මන් ආණ්ඩුව බුදුදහමට එල්ල කරන ප්රහාරවලට ඉඩ නොතබන බවත්, ඒවා නතර කිරීමට කටයුතු කරන බවත් නීතිඥවරයා ප්රකාශ කළා.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද අදහස් පළ කළ ඔහු කියා සිටියේ, සියලු නීතිඥවරුන් පෙනී සිටිමින් නාමල් රාජපක්ෂ මහතා නිදහස් කරගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, 2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට මෙරට ජනතාව කටයුතු කරනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කරන බවද ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“අපි දන්නවා 2300ක් ලංකා ඉතිහාසයේ බෞද්ධ චීවරයට තිබ්බ ගෞරවයට දැන් මේ ගහන්නේ.උන්ගේ නිරාගමික ක්රමය හදන්න. මීට පස්සේ අපේ පක්ෂේ ඇතුළේ හැම අවස්ථාවකට එන හාමුදුරුලට වැදලා තමයි අපි කතා කරන්නේ.ඒක අනිවාර්ය කරනවා. අපි හාමුදුරුවොන්ට වැදලා, බුද්ධ චීවරයට අවුරුදු 2300ක් මිහිදු මහරහතන් වහන්සේ ගාව තිබ්බ ගෞරවය පණ කෙන්ද කෙලින් කරලා කියනවා තව අවුරුදු 1000ක්,2500,5000ක් මේ බුද්ධ ශාසනය රකිනකොට බුද්ධ චීවරයට තිබ්බ ගෞරවය යළි ප්රතිස්ථාපනය කරනවා අපි. චිර ජීවනයට පත් කරනවා, චිරස්ථිතියට පත් කරනවා. අනුර කුමාර ජනාධිපතිතුමනි බුද්ධාගමට ගහන ගැහිල්ල අපි ගහන්න දෙන්නේ නෑ. ඒක නවත්තනවා.සියලුම නීතීඥයින් පෙනී ඉදලා නාමල් රාජපක්ෂ මැතිතුමාව එළියට ගන්න එක ගන්නවාමයි.ඒ අනුව, නාමල් රාජපක්ෂව 2029 ගේනවා.මේ රටේ ජනතාව නාමල් රාජපක්ෂව මේ රටේ ජනාධිපති කරනවා.”