ශ්රී ලංකාවේ ගෞරවය රැකෙන ලෙස රටවල් සමඟ ගනුදෙනු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
ජනාධිපතිවරුන් සහ මන්ත්රීවරුන් විදේශගත වීමේදී සිදු වූ වියදම් ගැන තවමත් පටු අදහස් පළ කරමින් කතා කිරීම නතර කළ යුතු බවත්, තානාපති කාර්යාල පවත්වා ගෙන යමින් සුදුසු ලෙස වියදම් කරන විට, අනෙකුත් රටවල් විසින් එය පිළිගැනීමට ලක් කරන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ගුවන් යානාවල ව්යාපාරික පන්තියේ ගමන් කිරීම හොඳ වුවත්, එසේ ගොස් රටේ ගෞරවය රැකෙන ලෙසට කටයුතු කරන ලෙසත්, ‘හිඟන්නන් මෙන්’ ගොස් හිඟා කෑමට, අත පෑමට නොයන ලෙසත් ඔහු පවසා සිටියා.
ඇමතිවරයා බස් රථයේ ගොස් කාලය නාස්ති කිරීම ගමේ දී හඳුන්වන්නේ ‘මෝඩ චූන්’ ලෙස බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.