අපරික්ෂාකාරි ලෙස රිය පදවා සන්දීප්ට බරපතල ලෙස තුවාල කිරිමේ පාඨලී චම්පික රණ­ව­කට එරෙහි නඩුවේ පූර්ව නඩු විභා­ගය දෙසැම්බර් 15 අව­සන් කරයි

අප­රි­ක්ෂා­කාරී ලෙස රිය පදවා රිය අන­තු­රක් සිදු­කොට සන්දීප් සම්පත් ගුණ­ව­ර්ධන නමැති තරු­ණ­යාට බර­ප­තළ තුවාල සිදු­කි­රීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වකට එරෙ­හිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභා­ගයේ අව­සන් දිනය දෙසැ­ම්බර් 15 දා පැවැ­ත්වී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (25) දින නියම කළේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මි සිංග­ප්පුලි මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ චුදි­තට වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීමට සිදුව ඇති බවට වෛද්‍ය සහ­ති­ක­යක් විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහතා ඉදි­රි­පත් කළේය. ඒ අනුව විත්ති­කරු නොමැ­තිව නඩුවේ ඉදිරි කට­යුතු සිදුවූ අතර විත්තිය ඉල්ලා සිටි ලේඛන සම­හ­රක් පැමි­ණිල්ල විසින් භාර දෙන ලදි. 2016 වසරේ පෙබ­ර­වාරි 28 වැනිදා රාජ­ගි­රිය ජනා­ධි­පති විදු­හල ආසන්න මංස­න්ධි­යේදී අප­රි­ක්ෂා­කාරී ලෙස ඩබ්ලිව්.පී.කේ.ටී.-7545 දරණ සුඛෝ­ප­භෝගී රථය පදවා, සන්දීප් සම්පත් ගුණ­ව­ර්ධන නැමැති තරු­ණ­යාට බර­ප­තළ තුවාල සිදු­කි­රීම සහ අන­තුර සිදු­කොට වාහ­නය නොන­වත්වා ධාව­නය කිරීම ඇතුළු අධි­චෝ­දනා යටතේ මෙම නඩුව පවරා ඇත.
හිටපු ඇමැති පාඨලී චම්පික රණ­ව­කට එරෙ­හිව චෝදනා තුනක් ගොනු කර ඇත. පළමු චෝද­නාව දණ්ඩ නීති සංග්‍ර­හයේ 329 වග­න්තිය සහ මෝටර් රථ ආඥා පනතේ 151 වග­න්තිය යටතේ එල්ල කර තිබේ.

දෙවැනි චෝද­නාව මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iii) වග­න්තිය උල්ලං­ඝ­නය කිරීම සම්බ­න්ධ­යෙන් වන අතර, ඒ සඳහා වන දඬු­වම් පනතේ 214 හෝ 224 වගන්ති යටතේ පැන­විය හැකි බව පැමි­ණිල්ල පෙන්වා දුන්නේය.

තුන්වැනි චෝද­නාව එල්ල වී ඇත්තේ මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iv) වග­න්තිය උල්ලං­ඝ­නය කිරීම සම්බ­න්ධ­යෙනි. මෙම වරද සඳහා වන දඬු­වම් වග­න්තිය ලෙස පනතේ 161(1)(අ)(v) හෝ 214 වග­න්තිය ක්‍රියා­ත්මක වන බව පැමි­ණිල්ල අධි­ක­ර­ණ­යට සැල­කර සිටි­යේය.
රාජ­ගි­රිය රිය අන­තුර සම්බ­න්ධ­යෙන් කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩු දෙකක් විභාග වන අතර, ඊයේ දින කැඳ­වනු ලැබුවේ රිය අන­තුර පොලී­සි­යට දැනුම් නොදීම සම්බ­න්ධ­යෙන් පවරා ඇති නඩු­වයි. අනෙක් නඩුව පවරා ඇත්තේ අන­තුර පිළි­බඳ සැබෑ කරුණු සඟවා තබා ගැනී­මට උත්සාහ කිරීමේ චෝද­නාව යට­තේය. එම නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස හිටපු ඇමැ­ති­ව­රයා ඇතුළු තැනැ­ත්තන් ති‍දෙනකු නම්කර තිබේ.
මෙම නඩුව පවරා ඇත්තේ මහා නගර හා බස්නා­හිර පළාත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යට අයත් වාහ­න­යක් මඟින් රිය අන­තු­රක් කිරීම සම්බ­න්ධ­යෙන් වන අතර අදාළ කාලයේ එම රථය භාවි­ත­කර ඇත්තේ හිටපු ඇමැති පාඨලී චම්පික රණ­ව­කය.
ජ්‍යෙෂ්ඨ රජයේ අධි­නී­තිඥ සම­දරී පිය­සේන මහ­ත්මිය පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි­යාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *