ITN නාලිකාව මිලියන 35ක ශුද්ධ ලාභයක් ලබයි – වසර 13කට පසුව ලාභයෙන් 30%ක් මහා භාණ්ඩාගාරයට යවයි

පක්ෂ , පාට , ආගම් භේද නොසලකා එක මිටට එකාවන්ව වැඩ කළොත් කරන්න බැරි දෙයක් නෑ කියලා ITN අපි  ඔප්පු කළා.

ඒ වසර ගණනාවකට පසු 2025 දී මිලියන 35.4ක ශුද්ධ ලාභයක් ලබමින්.

වසරක් තුළ එවැනි හාස්කමක් සිදුවුයේ ITN මාධ්‍ය ජාලයේ සියලු සේවකයින් එකාවන්ව වැඩකළ පසුබිමකයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අදට යෙදී තිබුණා.

එහිදි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න කියා සිටියේ වසර 13කට පසු ITN ශුද්ධ ලාභයෙන් සියයට 30ක් මහා භාණ්ඩාගාරයටත් මෙම වසර අවසානයේ දී සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමටත් සැලසුම් කර ඇති බවයි.

මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ ස්වාධීන රූපවාහිනිය මේ වන විට සුවිශේෂි ජයග්‍රහණයක් අත්පත් කර ගෙන සිටිනවා.

ඒ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය තවදුරටත් පුළුල් කරමින් නව මාවත් ඔස්සේ ගමන් කරමින් තිබෙන පසුබිමකයි.

2025 වසරේ නව වැඩසටහන් ආකෘතීන් හඳුන්වාදෙමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ස්වාධීන රූපවාහිනියට හැකියාව ලැබුණා.

ඒ අනුව වසරක් තුළ රුපියල් මිලියන 35.4ක ශුද්ධ ලාභයක් ලැබීමටයි ස්වාධීන රූපවාහිනියට හැකියාව ලැබුණා.

වසර 47කට පසු උපාය මාර්ගික සැලසුමක් ඔස්සේ මේ වන විට ස්වාධීන රූපවාහිනිය නව දිශානතියකට සාර්ථකව ගමන් කරමින් සිටිනවා.

සමස්ත සේවකයින් එක මිටට එකාවන්ව ලබාදුන් දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි වසරක් තුළ මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හැකියාව ලැබුණේ.

Source – ITN NEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *