පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා චෝදනා කර සිටියේ, ජාතික ජන බලවේගයේ (මාලිමාව) මන්ත්‍රීවරුන් සමඟ එක්ව උතුරේ එල්.ටී.ටී.ඊ. සැමරුම් පැවැත්වෙන තෙක් පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් බලා සිටි බවයි. එම ක්‍රියාකලාපය පිළිබඳව තමන් ලැජ්ජාවට පත්වන බව ද ඔහු සඳහන් කළේය.
මේ වන විට උතුරු පළාතේ ආරක්ෂක හා පරිපාලන තත්ත්වය පිරිහී ඇති බව පෙන්වා දුන් රණවක මහතා, අද වන විට යාපනය ප්‍රදේශයේ සිංහල වෙළඳසැලක් පවා පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවට වැඩිදුරටත් චෝදනා කළේය.