අල්ලස් කොමිසමේ බලය තවත් වැඩි කරමින් සංශෝධිත දූෂණ විරෝධී පනත සම්මත වෙයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත අද (08) තෙවන වර කියවා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී.

එම සංශෝධන පනතේ දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්විණි.

විවාදයෙන් අනතුරුව මේ සඳහා සංශෝධන එක් කරනු ලැබුවේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිනි. 

ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙම සංශෝධනයෙන් අරමුණු කෙරේ.

මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *