ගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය බහුලව ගැවසෙන කලාප කඩිනමින් සොයාගැනීම සඳහා හඳුන්වා දෙන ලද නවීන මෘදුකාංග යෙදුම මේ වන විටත් මෙරට ලක්ෂයකට අධික ධීවර ප්‍රජාවක් සාර්ථකව භාවිත කරමින් සිටින බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.
අයවැය විවාදයට එක්වෙමින් අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මෙම තාක්ෂණික යෙදුම තවදුරටත් නවීන පහසුකම්වලින් සවිබල ගන්වා වැඩිදියුණු කිරීම සඳහා විදේශීය සමාගම් මෙන්ම මෙරට ප්‍රමුඛ සන්නිවේදන ආයතන සමඟ ද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙවර ඉදිරිපත් කෙරුණු නව අයවැය මඟින් ද අදාළ මෘදුකාංග යෙදුම වැඩිදියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්තිමය අවධානය යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.