දශකයක පමාවකින් පසුව බ්රිතාන්යයේ ජාතික ගුවන් සේවය වන ‘බ්රිතාන්ය එයාර්වේස්’ (British Airways) නැවතත් ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව, එම ගුවන් සේවයට අයත් පළමු ගුවන් යානය සෙනසුරාදා (ඔක්තෝබර් 24) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත ළඟා විය.
ලන්ඩන් ගැට්වික් (London Gatwick) ගුවන්තොටුපොළේ සිට BA2045 දරන ගුවන් වාරය ලෙස පැමිණි බෝයිං 777-200ER (Boeing 777-200ER) වර්ගයේ ගුවන් යානය මෙලෙස ශ්රී ලංකාව වෙත සපැමිණියේය.