විහාරමහාදේවී උද්යාන පරිශ්රයේ රැදී සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා වන නව නියෝගයක් හෙට දිනයේ දී ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බව වාර්තා වේ.
විරෝධතාවයට එක්ව සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගැනීමටද පොලිසිය කටයුතු කිරීමට නියමිතය.
පිහි දෙකක් අතැතිව සිටි පුද්ගලයෙකු- විරෝධතාකරුවන් අතර සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.
මේ අතර, විහාර මහා දේවි උද්යානයෙන් යම කොටසක් අත්පත් කර ගෙන සිටීම සම්බන්ධයෙන්, කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.