සුඛෝප භෝගී මහල් නිවාස සංකීර්ණයකින් නිවස ඒකකයක් ලබා දීම සහ එම නිවාස ඒකකය භාර ගැනීම යන චෝදනා යටතේ, පවරා ඇති දූෂණ චෝදනා නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් යන අය කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, කොළඹ මහාධිකරණය ඔවුන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, විත්තියේ ඉල්ලීමට කිසිදු පදනමක් නොමැති බවට තර්ක කර තිබේ.
2016 වසරේදී, එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණනායක මහතා “මොනාක් රෙසිඩන්සීස්” නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාස ඒකකයක පදිංචිව සිටි බවත්, ඒ සඳහා රුපියල් මිලියන 11.6ක මුදලක් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් සමාගමක් මගින් ගෙවා තිබූ බවත් පැමිණිලි පාර්ශ්වය චෝදනා කරයි.