හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිසිදු අවස්ථාවක දේශපාලන වේදිකාවට නැග දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූ බවත්, ඇය සිය ජීවිත කාලය පුරාම සිදු කළේ මහින්ද රාජපක්ෂ මහතාට ආහාර පිස දෙමින් ඔහුව රැකබලා ගැනීම පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මෙසේ පැවසීය:
“ඔයගොල්ලෝ දන්නවා ද ශිරන්ති රාජපක්ෂ කියලා නෝනා කෙනෙක්. එයා දේශපාලන වේදිකාවට නැගලා ඉන්නවා දැකලා තියෙනවා ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වගේ ශිරන්ති නෝනා ආවද? අනේ ජීවිත කාලෙම මහින්ද මහත්තයාට බත් තම්බපු එකයි, එයා කන විදියට කෑම හදලා දීපු එකයි කළේ. මහින්ද මහත්තයා බත් කන විදිය දැකලා තියෙනවා ද? මම දැකලා තියෙනවා. ආය අමු සිංහල විදියටමයි කන්නේ.”