බැටරි බලශක්ති ගබඩා පද්ධතියෙන් මෙගාවොට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි

2030 වන විට පුනර්ජනනීය විදුලි උත්පාදනය 70% දක්වා යන ඉලක්ක සහගත ගමනේ මේවන විට 62% ක් දක්වා අගයක් කරා ලගාවී ඇත.

BEES මුල්ම ඒකකය ජාතික විදුලි පද්ධතියට අනුරාධපුරයෙන් එක් කරන ලද්දේ පසුගිය නොවැම්බර් 18 වැනිදාය. එතැන් සිට පිලිවෙලින් ගාල්ල සහ අනෙකුත් උප පොළවල් ආශ්‍රිතව BESS පද්ධතියට එක්කර ඇත .

මේ වසර අවසානයේ බලාපොරොත්තු වනුයේ 160 MW ක් ජාතික විදුලිබල පද්ධතිය වෙත එක්කිරීමටය. තවත් මාස එකහාමාරක කාලයක් වසරේ ඉලක්කය වෙත ළඟාවීමට තිබියදී. ඊයේ එනම් නොවැම්බර් 13 දින 100MW ක් පසුකරමින් උපරිම ධාරිතාවය පද්ධතිය වෙත 105 MW දක්වා මුදාහැරීම සිදුවිය .

විශේෂත්වය වන්නේ ඊයේ දින පෙරවරු 09 සිට දහවල් 02 දක්වා ජාතික විදුලිබල පද්ධතිය වෙත තෙල් දහනය කරමින් විදුලි නිෂ්පාදනයක් සිදු නොවීය.

ඉතා වේගයෙන් පුනර්ජනනීය ඉලක්ක වෙත ලගාවෙමින් විදුලිබල උත්පාදනයට යන පිරිවැය අවම කිරීමට මෙමගින් හැකියාව ඇත.

ඉදිරි 2027 වසර සදහාද තවත් 800MW(400 /250/150) ක් BESS මගින් පුනර්ජනනීය අතිරික්ත විදුලිය ගබඩාකර පද්ධතිය වෙත එක්කිරීම සඳහා තරගකාරී ලංසු ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් ඇත. එයින් කොටසක් 2027 මුල් භාගයේදී පද්ධතිය වෙත එක්කිරීමට නියමිතය.
සම්පූර්ණ ධාරිතාවය වශයෙන් 1245 MW BESS හරහා ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *