කංචන විජේසේකර දේශපාලනයෙන් ඉවත් වුණේ ව්‍යාපාර නිසයි,කලකිරිමක් නිසා නෙවෙයි – සාගර කාරියවසම් කියයි

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළේ දේශපාලනය පිළිබඳව ඇති වූ කළකිරීමකින් නොව, ඔහුගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමේ අවශ්‍යතාව නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය:

“කංචන දේශපාලනයෙන් ඉවත් වුණේ ව්‍යාපාරික කටයුතු නිසයි. එය දේශපාලනය ගැන කළකිරීමකින් ගත් තීරණයක් නෙමෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *