පොලිසිය අධිකරණයට වැරදි කරුණු වාර්තා කර ඇති බවත්, නියෝගයක් ලබා දුන් පළියට කියන කියන සියලු දේ කිරීමට තමන් වහන්සේලා සූදානම් නොමැති බවත් බලංගොඩ කස්සප හිමියන් ප්රකාශ කර තිබේ.
ස්ථානයට පැමිණ සිටි උසස් පොලිස් නිලධාරියෙකු අමතමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, එහි රැඳී සිටින එකදු පුද්ගලයෙකුට හෝ යම් සීරීමක් හෝ සිදු වුවහොත් මුළු රටම කොළඹට පැමිණීමට සූදානමින් සිටින බවත්, එම තත්ත්වය ද තේරුම් ගෙන සුදුසු තීරණයක් ගන්නා ලෙසත් පොලිසිය වෙත දැනුම් දී ඇත.