වාහනය ගන්න සල්ලි හොයාගත්ත විදිය කියන්න බැරි වෙයි – ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝහගවත්තගේ රථය අත්අඩංගුවට

මෙරට පොලිස් සේවයේ කීර්තිමත් නිළධාරිනියක ලෙස නමක් දිනා සිටි, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණ බෝගහවත්තට අයත් වෙසෙල් වර්ගයේ මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, මූල්‍ය වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු විසින්, අදාල මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බව තහවුරු වීමයි.

එමෙනම්, මෙම මෝටර් රථය මිල දී ගැනීම සදහා මුදල් උපයා ගත් ආකාරය හෙළි කිරීමට ද ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත අසමත් වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *