කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් සිදුකරන ලද “කනබොන” කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලීමක් බවට චෝදනා කර තිබේ.
“රංජන් ජයලාල් කරපු ප්‍රකාශය ජාතික ජන බලවේගය දැඩි ලෙස හෙළාදකිනවා. එක පාක්ෂිකයෙක්වත් අපේ හිතවතෙක්වත් පිළිගත යුතු දෙයක් නෙවෙයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.
පසුබිම: නොවැම්බර් 8 වැනිදා අරංගල, මාලඹේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා, පෞද්ගලික ආයතන විසින් සෑම වසරකම දෙසැම්බර් මාසයේදී රාජ්‍ය ආයතනවල සේවකයන්ට ලබාදෙන සාම්ප්‍රදායික තෑගි පාර්සල් එලෙසම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, “අපිත් හොඳට කනබොන මිනිස්සු… නගර සභාවට ගියාට පස්සේ කාලා තියෙන දේවල් අපි දන්නවා” යනුවෙන් ද පැවසීය.