මරණ දඬුවම නියමව සිට පසුව ඉන් නිදහස හිමි වූ අනෝජන් සිවරාසාගේ මව විසින් වත්මන් ජනාධිපතිවරයාට සහ අමාත්‍යවරයාට සිය බලවත් කෘතඥතාව පළ කර තිබේ.
සිය පුත්‍රයාට නිදහස හිමි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනෝජන් සිවරාසාගේ මව මෙසේ පැවසුවාය:
“අතිගරු ජනාධිපතිතුමා සහ ඇමතිතුමා මේ කරපු උපකාරය අපිට කවදාවත් අමතක කරන්න බැහැ. අපේ පුතාගේ ජීවිතයට කරදරයක් වෙයි කියලා අපි ගොඩක් දුකින් හිටියේ. අපිට හයියක් වෙලා මේ තැනට ගෙනාවට අපි ස්තූතිවන්ත වෙනවා!”
තම පුත්‍රයාගේ ජීවිතය පිළිබඳව දැඩි දුකකින් සහ බියකින් පසු වූ තමන්ට ශක්තියක් වී මෙම නිදහස ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ඇය රජයේ නායකත්වය වෙත සිය හෘදයාංගම ස්තූතිය මෙලෙස පුද කර තිබේ.