කස්සප හිමි ඇතුලේ,රාජංගනේ හිමි එළියේ,එහෙම කොහොමද වෙන්නේ – දයාසිරි පාර්ලිමේන්තුවේදි අහයි

අනුරාධපුර පූජා භූමියේ පැවති සාමකාමී සත්‍යග්‍රහයට මැදිහත් වී එතැන කලබලයක් ඇති කළ රාජාංගනේ සද්ධාතිස්ස හිමි නිදහස්ව සිටිය දී, බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගැනීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී සිය විරෝධය ප්‍රකාශ කළේ ය.

රාජාංගනේ සද්ධාතිස්ස හිමි මෑතක දී නිකුත් කළ වීඩියෝවක, පූජා භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය අවසන් වීමෙන් පසුව, තමන් වහන්සේට ජනාධිපති ආර්යාව සහ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා කතා කළ බව ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ පිළිබදවද විවේචනාත්මකව අදහස් දැක්වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *