අද වන විට රටේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව, අසරණ තත්ත්වයට පැමිණ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
රටේ ජීවත්වන ජනගහනයෙන් අඩකට ආසන්න ප්රමාණයකට ආහාර නොමැතිව, එක වේලක් පමණක් ආහාරයට ගැනීමට සිදුව ඇති බවයි මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා ප්රකාශ කළේ.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතා කිරීමට අයිතියක් නොමැති අය ද වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අතර, ඉදිරියේදී එය ඔප්පු කර පෙන්වන බවයි පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.