ÿkak ;Skaÿj fukak
එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අද (13) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
“ස්වාමිනී, ත්රිපුද්ගල මහාධිකරණයේ නඩු අසන බව පැවසුවා. එමනිසා මෙම අධිකරණයේ නඩුව කැඳවීම අවශ්ය නොවන බව පැවසුවා. එය සුවිශේෂි කරගෙන ඇප ලබා දෙන්න. තවද සැකකරුගේ පියා පුද්ගලික රෝහලක දැඩි සත්කාරයේ ප්රතිකාර ලබනවා. මව ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා. සැත්කමක් කිරීමට නියමිතයි. මොහු වැඩිමහල් පුතා. ඒ බව සලකා ඇප ලබා දෙන්න,” යැයි ඔහු අධිකරණයට පැවසීය.