අපිට ජීවිතයට වඩා සම්බුද්ධ ශාසනය වටිනා නිසා, ඒ වෙනුවෙන් පියවරක් ගැනීමට තීරණය කළ බව පවසමින් මාහාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊයේ දවවල් 12ට කලින් දානය වැළඳුවාට පසු තමන් කිසිදු ඝන ආහාරයක් වැළඳී නැති බවයි. එපමණක් නොව, මේ මොහොතේ සිට ජූජ වතුර වීදුරුවක්වත් පානය නොකරන බවත්, සම්පූර්ණයෙන්ම ආහාරවලින් සහ පැන්වලින් වැළකී සිටින බවත් උන්වහන්සේ පවසා ඇත.
නිවටයෙකු විදිහට ජීවත් වීමට වඩා ශ්‍රේෂ්ඨයෙකු විදිහට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතය පූජා කරන එක තමන්ට ශ්‍රේෂ්ඨ යැයි කස්සප හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටිති