BMW වාහන නඩුවේ වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඩුවම් නියම කිරිම නොවැම්බර් 25 දක්වා කල් තබයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවා.

සිද්ධියට අදාලව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් 28 වන දින වරද පිළිගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *