මම අද ඉන්න තත්වෙට මුහුණ දෙන්න ජිවීතේ ලොකුම හයිය තමයි ක්‍රීඩාව සහ ආගම – නාමල් රාජපක්ෂ කියයි

තමා දේශපාලනයට පිවිසියේ වයස අවුරුදු 23දී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තම ජීවිතය ගොඩනැඟුණේ ක්‍රීඩාව සමඟ බවත්, තරඟයක ජයග්‍රහණයත් පරාජයත් දෙකම අත්විඳ ඇති බවත් ඔහු කියා සිටියේය.

අද මෙම තත්ත්වයට මුහුණ දීමට තමාට ලැබුණු විශාලතම ශක්තිය ක්‍රීඩාව සහ ආගම බව ද ඔහු පැවසීය. තමා ආගමට නැඹුරු, සංස්කෘතිය සමඟ හැදී වැඩුණු පුද්ගලයෙකු මෙන්ම ක්‍රීඩාවට ද දැඩි ලෙස ඇලුම් කරන කෙනෙකු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *