ජනාධිපතිවරයාගේ අයවැය ප්රකාශනය මඟින් හඳුන්වා දුන් “සැමට කොටසක්, සැමට ඒකකයක්” සංකල්පය යටතේ, 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ට වැඩි සෑම පාසල් සිසුවෙකුටම කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දීමට රජය පියවර ගෙන තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර පවසනවා.
මේ සඳහා අයදුම් කරන සිසුන් වෙනුවෙන් විශේෂ පාඨමාලාවක් හඳුන්වා දී ඇති අතර, එම පාඨමාලාව හදාරා, අවසානයේ පැවැත්වෙන විභාගයෙන් සමත් වන සෑම සිසුවෙකුටම රුපියල් 10,000 ක ආයෝජනයක් සිදු කිරීමේ හැකියාව හිමිවන බවයි සඳහන් වන්නේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති අතර, කොළඹ කොටස් වෙළඳපොළ හරහා සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නවීන ආයෝජන ක්රමෝපායන් ඔස්සේ ධනය වර්ධනය කර ගැනීමට දරුවන් හුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු පෙන්වා දුන්නා.
මෙමඟින් ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත පාසල්වල සිසුන්ට ද කොටස් වෙළඳපොළ ආයෝජන පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදාවන අතර, අනාගතයේදී ඔවුන් ව්‍යවසායකයින් බවට පත් වූ පසු තම ව්‍යාපාර සඳහා කොටස් වෙළඳපොළ හරහා ප්රාග්ධනය සපයා ගැනීමේ හැකියාව තහවුරු කිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරෙන බවයි කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර වැඩිදුරටත් දක්වා සිටියේ.