ශ්‍රි ලංකා රේගුව අද සිට ඩිජි­ටල්කරණය වෙයි – ඩිජිටල් අත්සන් තැබීමත් අනිවාර්ය වෙයි

ශ්‍රී ලංකා රේගුවේ සුවි­ශේෂී පරි­ව­ර්ත­න­යක් කර­මින් කඩ­දාසි රහිත රේගු ප්‍රකා­ශන ක්‍රම­වේ­දය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමා­ර­ම්භක අව­ස්ථාව අද (01) ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජය­වීර මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවැ­ත්වී­මට නිය­මි­තය. ඒ අනුව සියලු ආන­ය­න­ක­රු­වන් සහ ප්‍රකා­ශ­ක­යන් විසින් සිය රේගු ප්‍රකා­ශන (CusDecs) සහ අනෙ­කුත් අදාළ ලිපි­ගොනු වලංගු ඩිජි­ටල් අත්සන සහි­තව යොමු කිරීම අනි­වාර්ය කෙරේ.

ඒ සම­ඟම පැරණි ක්‍රම­යට යොමු­ක­රනු ලබන රේගු ප්‍රකා­ශන භාර ගැනීම තව­දු­ර­ටත් කරනු නොලැබේ.

රජයේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ රාජ්‍ය සේවා නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළේ ප්‍රධාන අංග­යක් වන රාජ්‍ය සේවා­වන් ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ ක්‍රම­වේ­දය යටතේ ආරම්භ කිරී­මට නිය­මිත කඩ­දාසි රහිත රේගු ප්‍රකා­ශන ක්‍රම­වේ­දය මඟින් රේගු නිශ්කා­ෂණ ක්‍රියා­ව­ලිය යටතේ වඩාත් කාර්ය­ක්ෂම, වේග­වත් සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතු සේව­යක් ලබා­දී­මට හැකි­වනු ඇත.

ඩිජි­ටල් අත්සන තැබී­මෙන් පසු කෙරෙන වෙන­ස්කම් මෙම පද්ධ­තිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා, දූෂණ සඳහා අව­ස්ථාව අවම වීම ද මෙහි විශේ­ෂ­ත්ව­යකි.

ශ්‍රී ලංකා රේගුව 2025දී සිය ආදා­යම් ඉල­ක්කය අබි­බ­ව­මින් රුපි­යල් බිලි­යන 2,231ක ආදා­ය­මක් රැස් කිරී­මට සමත් වූ අතර, මෙම වස­රේදී ගතවූ මාස 08 තුළදී ද සෑම මස­කම තම අපේ­ක්ෂිත ආදා­යම් ඉල­ක්කය අබි­බවා ආදා­යම් රැස් කිරී­මට සම­ත්විය. නව ඩිජි­ටල් ක්‍රම­වේ­දය සම­ගින් තව­දු­ර­ටත් රේගු කට­යුතු කාර්ය­ක්ෂම වීම හරහා රේගුවේ ආදා­යම තව­දු­ර­ටත් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *