ශ්‍රි ලංකාව යළි දූෂිත රටවල් ලැයිස්තුවට වැටෙන්නේ නෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලැබී ඇති සහයෝගය මත, ශ්‍රී ලංකාව නැවත වතාවක් දූෂිත ලැයිස්තුවට වැටීමේ හැකියාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

තායිලන්තයේ පැවැති නීති විරෝධී අරමුදල් රැස්කිරීම සහ දූෂණ විරෝධී අරමුදල් පිළිබඳ සමුළුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව 2014, 2015 මෙන්ම 2017 වසරවලදී දූෂිත ලැයිස්තුවට ඇතුළත් වූ රටවල් අතරින් එකක්ව තිබුණු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විශාල තාක්ෂණික සහාය හරහා නැවත දූෂිත ලැයිස්තුවට නොවැටී සිටීමට හැකියාව ලැබී ඇති බවත්, නව නීති හා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට ද පියවර ගත් බවත් ඔහු සඳහන් කළා.

මේ සඳහා අණ පනත් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් තාක්ෂණික පාර්ශ්වකරුවන්ගේ සහයෝගය මත මෙම කටයුතු තීරණය වන බවත් පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, එම ලැබී ඇති සහයෝගය මත ශ්‍රී ලංකාව නැවත වතාවක් දූෂිත ලැයිස්තුවට වැටීම සිදු නොවන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *