ඊයේ ස්ටාර්ලින්ක් ඉල්ලූ කස්සප හිමි අද විහාරමහාදේවි භූමියට සෝලා පැනල් ඉල්ලයි

කොළඹ විහාරමහාදේවි උද්‍යාන භූමියේ ජංගම දුරකථන චාජ් කිරීමට සපයා තිබූ විදුලි සැපයුම විසන්ධි කර ඇති බැවින්, එම ස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාවන් සහ අවශ්‍යතාවයන් සඳහා සෝලා පද්ධතියක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

විහාරමහාදේවි උද්‍යානයේ විදුලි සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් පැන නැගී ඇති දුෂ්කරතාවලට පිළියමක් ලෙස මෙම සෝලා බලශක්ති පද්ධතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 076 686 6290 යන දුරකථන අංකය අදාළ පෝස්ටරයේ දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *