පොලීසිය බලා සිටියදී තමන්ට බස්වලින් සහ වාහනවලින් පුද්ගලයන් හූ කියාගෙන යන බව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ නිරත වෙන බලංගොඩ කස්සප හිමියෝ පවසති.
මේ වන විට කොටුව මහේස්ත්රාත් අධිකරණය විරෝධයට අදාලව උසාවි නියෝගයක් ලබා ගෙන ඇති පසුබිමක අදහස් දක්වමින් එහිමියෝ පැවසුවෝ තමන්ට අවශ්ය නම් කොළඹම වැසිය හැකි නමුත් තමන් එසේ නොකරන බවය.
පොලීසියේ තමන්ව රකින්නට ධර්ම චක්රයක් ගසා ඇති බවත් එහිමියෝ පැවසූහ. තමන්ට කැළඹිලි හැදීමට අවශ්ය නැති බවත්, පැලවත්තෙන් එසේ කිරීමට උත්සාහ කළ බවත් එහිමියෝ පැවසූහ.
ඥාණසාර හිමිට සමාව දීම හෝ ගෙදර යෑම යන තීන්දු දෙකෙන් එකක් ජනාධිපතිවරයා ගත යුතු බවත් එහිමියෝ පැවසූහ.