වැඩ කරන ජනතාව ලෙස උද්ඝෝෂණවල නිරත පුද්ගලයින් පිටුපස සිටින්නේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එම උද්ඝෝෂකයින් කෙතරම් කෑගැසුවත් රජයෙන් කිසිවක් ලබාගත නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
‘අයවැය සහ වැඩකරන ජනතාව’ මැයෙන් අද (26) පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මේබව පවසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන්කර සිටියේ,
“මම කියන්නේ මේ ආණ්ඩුව කවදාවත් කෑගහලා ගන්නත් බෑ. කෑගැහුවට දෙන්නෙත් නෑ. කෑගහන්න කළින් දෙනවා. මේ තරම් මූලික වැටුපක් වැඩිකළා ඒගොල්ලන්ට කෑගහන්න අවස්ථාවක් නොදී. ඔන්න ප්රශ්නේ. අපිත් එක්ක කතා කළානම් ඉවරනේ. අපි හඳුනාගත්ත ප්රශ්න අපි විසඳනවා. පාරට බැහැලා කවුරුත් කෑගහන්න ඕන නෑ. කවුරුත් උද්ඝෝෂණ කරන්න ඕනි නෑ. අපි හඳුනාගත්ත ප්රශ්න විසඳන ආණ්ඩුවක් මේක”