කෙහෙ­ළිය ඇතුළු 12 දෙන­කුට එරෙහි බාල බෙහෙත් නඩුවේ සාක්ෂි විභා­ගය අව­සන් – නඩුව වේගයෙන් ඉදිරියට

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට එරෙ­හිව පව­රන ලද බාල බෙහෙත් නඩුවේ සාක්ෂි විභා­ගය ඊයේ (04) අව­සන් විය.

සාක්ෂි විභා­ගය අව­සන් වීමෙන් පසු ලබන 25 වැනි­දාට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙස නියම කළ මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, 30 වැනිදා වාචික දේශන ඉදි­රි­පත් කරන ලෙස දෙපා­ර්ශ්ව­යට නියෝග කළේය. එම දේශන අව­සන් වීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදුවේ.

කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල වන ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් මාලක වීර­සූ­රිය සහ පී.එම්. බණ්ඩාර යන මහ­ත්ව­රුන් ඉදි­රියේ මෙම නඩුව දින­පතා විභා­ග­යට ගැනීම සිදු­විය.

මහ­ජන වැද­ග­ත්ක­මක් සහිත නඩු­ක­ර­යක් ලෙස සලකා මෙම නඩුව විභාග කිරී­මට ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් පත් කරන ලෙස නීති­ප­ති­ව­රයා කළ ඉල්ලී­මක් අනුව අග­වි­නි­සු­රු­ව­රයා ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් නම් කරන ලදි.

හියු­මන් ඉමි­යු­නෝ­ග්ලො­බි­යු­ලීන් සහ රිටො­ක්සි­මැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සපයා ශ්‍රී ලංකා ජන­ර­ජයේ මුදල් රුපි­යල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යව­හ­ර­ණය කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරීම සහ එම මුදල් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් චෝදනා 13ක් එල්ල කරනු ලැබ තිබේ.

සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කිරීම, කුම­න්ත්‍ර­ණය කිරීම සහ අනු­බල දීම ඇතු­ළුව 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වග­න්තිය යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව චෝදනා නඟා ඇත.

අධි­චෝ­දනා පත්‍රයේ පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් 350කට ආසන්න සංඛ්‍යා­වක් නම් කර තිබුණු අතර, නඩු විභා­ග­යේදී ඉන් සාක්ෂි­ක­රු­වන් 100කට ආසන්න සංඛ්‍යා­ව­කගේ සාක්ෂි විම­සීම සිදු­විය. පැමි­ණිල්ලේ නඩුව අව­සා­න­යේදී විත්තියේ සාක්ෂි විම­සීම සිදුවූ අතර එහිදී සියලු චුදි­තයෝ විත්ති කූඩුවේ සිට සාක්ෂි දුන්හ.

මෙයට අම­ත­රව විත්තිය අම­ත­රව සාක්ෂි­ක­රු­වන් 7කට ආසන්න පිරි­සක් ඉදි­රි­පත් කළහ.

මෙහි පළමු විත්ති­කරු කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා වන අතර, ‘අයි­සු­ලේට් බයෝ­ටෙක් ෆාර්මා’ හිමි­කරු සුදත් ජනක ප්‍රනාන්දු, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත, හිටපු අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­රුන් වන වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක සහ වෛද්‍ය ඒ. තුසිත සුද­ර්ශන, හිටපු සහ­කාර අධ්‍යක්ෂ ශාන්ති සොල­මන්, හිටපු ගණ­කා­ධි­කාරී නෙරාන් ධනං­ජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය එච්.එම්. ධර්ම­සිරි රත්න­කු­මාර හේරත් සහ ප්‍රස­ම්පා­දන කමිටු සාමා­ජික වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන 12 දෙනා විත්ති­ක­රු­වන් ලෙස නම් කර ඇත.

9 වැනි විත්ති­කරු වන වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය අධි­ක­ර­ණය මඟ­හ­රි­මින් සිටින බැවින් ඔහු නොමැ­තිව නඩුව විභාග වේ.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පැමි­ණිල්ල මෙහෙ­ය­වයි.

හිටපු සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යාට සහ ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ නඩු 19ක් මේ වන විටත් විභාග වෙමින් පවතී. තමා මේ වන විට ඩිමෙ­න්ෂි­යාව, මාන­සික පීඩ­නය, දිය­වැ­ඩි­යාව සහ ආත­ර­යි­ටිස් ඇතුළු රෝග රැස­කින් පීඩා විඳින බව කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පසු­ගි­යදා විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් කර­මින් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *