දේශපාලන ප්රභූවරුන් සහ පොලිස් නිලධාරීන් ඝාතන සැලසුමක් ඇති බවට ලද තොරතුරක් පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන බව ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණය වී ඇතැයිද ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලහිරු සිල්වා හමුවේ කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.
රාජ්ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ක්රියාකළ කණ්ඩායමක්, මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග දේශපාලන ප්රභූන් සබඳතා පවත්වමින් මෙරට දේශපාලන ප්රභූවරුන් හා පොලිස් නිලධාරීන් ඝාතන සැලසුමක් ඇති බවට ලද අදාළ තොරතුරක් මත විමර්ශන පවත්වන බවද ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව පවත්වන විමර්ශනයේ ප්රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්රාත්වරයා ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නියම කළේය.
Source – Aruna Newspaper