2017 වසරේ සිට කරන ලද ගණනය කිරීම් අනුව, මේ දක්වා, අය වැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය ඉහළම අගයක් ගෙන ඇත්තේ 2025 වසරේ දී බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ඒ අනුව, 2025 වසරේ දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අතරින් 41 % ක් සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට රජය සමත්ව තිබේ.
කෙසේ වෙතත්, 2025 වසර සදහා ඉදිරිපත් කර තිබෙන ඉහළම අගය සහිත යෝජනා 36 කින් 14 ක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික තලයේ දී සැලකිය යුතු මට්ටමකට පැමිණ නැත.
සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලද යෝජනා ප්‍රමාණය 2024 වසරේ පැවති 17% ක ප්‍රතිශතයේ සිට 2025 වසරේ දී 33% දක්වා ඉහළ ගොස් තිබේ.
2025 වසරේ අයවැය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීම හේතුවෙන්, එය ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍යයට වඩා අඩු කාලයක් ලැබී තිබියදීත් මෙම දියුණුව අත්කර ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි.